04 රාවණා ගුහාව
රාවණා විසින් සීතා කුමරිය සගවා තබාගෙන සිටි ස්ථානය ලෙස ජනප්රවාදයේ සදහන් වන්නේ මෙම ගුහාවයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම ගුහාව තුල සෑහෙන දුරක් ගියවිට විශාල නිල් දිය
පොකුණක් තිබීම හා පොකුණට ටිකක් එහායින් විශාල කාමර වගයක් පිහිටා තිබීම. මෙම ගුහාව
තුලට යාම ඉතා දුෂ්කර වන අතර පලපුරුදු අයෙක් නොමැතිව ගුහාව තුලට යාම අනතුරු දායකවේ' ඇල්ල නගරය පසුකර කරදගොල්ල උඩුකිරින්ද කන්දෙන් කි.මි3 ක් පමණ ගියවිට මෙම ගුහාව හමුවේ.