03 දෝව රජමහා විහාරය
මහනුවර යුගයට
අයත් අලංකාර බිතු සිතුවම් වලින් යුත් මෙම විහාරයේ සෘජු කුලක හිටි පිළිමයක්ද මෙහිදී
දැකගත හැක. රාවනා පුරාවෘත්තයකටද සමුබන්ධතාවක් ඇති අතර රාවණා ගුහාව දක්වා දිවෙන උමං
මාර්ගයක් පැවති බවට ජනප්‍රවාදයේ සදහන්වන අතර එහි පිවිසුම් දොරටුව වර්තමානයේ වුවද
දැකගත හැකිය. වලගම්බා යුගයේ ආරම්බ කරන ලද ලෙන් විහාරයක් ලෙස සැලකෙන අතර සංචාරකයින්
අතර ජනප්‍රිය ස්ථානයක් වේ. බණ්ඩාරවෙල සිට
බදුල්ල දෙසට කි.මි 5 ක් පමණ ගියවිට මෙම විහාරය හමුවේ.