02 ලිප්ටන් සීට්
ලිප්ටන් සීට් තේවතු යායක ඉහලම ස්ථානයක මෙය පිහිටා ඇති අතර මෙහි ඇති
සුවිශේෂත්වය වන්නේ මෙම ස්ථානයේ සිට ත්‍රිකුණාමලය යාපනය කොළඹ දෙවුන්දර වැනි ප්‍රෙදේශ
නැරඹිය හැකි වීමයි. මෙහි පැමිනෙන්නෙකුට ලංකාවේ විශාලතම තේ කම්හල ද නැරඹිමට හැකිවේ. කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලෙන් හැරි දඹේතැන්නට ගොස් කි.මි 4ක් ගියවිට හෝ බණ්ඩාරවෙල
දුම්රිය ස්ථානය අසලින් යන පූනාගල පාරේ කි.මී6 පමණ ගොස් නායබැද්ද පාරේ දඹේතැන්න
වතු යායෙන් ගියවිට මෙම ස්ථානය හමුවේ.
